8 ශ්‍රේණිය - 01 පාඩම

පුනරීක්ෂණ අභ්‍යාස
-----------------------

බුදු සිරිතේ පලමු විසිවස.



01.) සිදුහත් මහ බෝසතාණෝ සම්මා සම්බුද්ධත්වයට පත් වුයේ කුමන ස්ථානයක ද?

02.) භාග්‍යවතුන් වහන්සේට දහම් දෙසීමට පළමුව සිහියට නැගුණේ කාවද?

03.) පස්වග තවුසන් රහත් වූයේ කවර සූත්‍රයක් ඇසීමෙන් ද?

04.) දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වූයේ මොනවාද?

05.) බුදු සසුනේ පළමු ආරාම පූජාව කුමක්ද?

06.) සැරියුත් මුගලන් දෙනමගේ ගිහි කල නාමයන් මොනවාද?

07.) බුදුරජාණන් වහන්සේ පිහිට වූ අසරණයින් දෙදෙනෙකු නම් කරන්න 

08.) විශාලා මහනුවර ඇතිවූ තුන්බිය නම් කරන්න.

09.) දෙව්රම් වෙහෙර ඉදි කළ පූජා කලේ කවුද? 

10.) රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම පිළිබඳව යුද්ධයක් ඇති වන්නට ගියේ කවර වංශ 2 අතරද?

11.) බුදු සිරිතේ මුල් විසි වස තුළ සිදුවූ වැදගත් සිදුවීම් පහක් පෙළගස්වන්න

12.) බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුරට පත්වූයේ කවුද?

13.) පළමු, දෙවන සහ තෙවන ධර්ම දූත කණ්ඩායම් නම් කරන්න


-- රමේෂ් ජනංග ගුරු මහතා විසිනි.




Comments