10 ශ්‍රේණිය - 45 පාඩම

45. පෙරදිග ථේරවාදී බෞද්ධ රටවල්.    


  1. ථේරවාදී බුදුදහම සහ මහායානය කෙටියෙන් පැහැදිලි කරන්න. ?
  • බුදුන් වහන්සේ වදාළේ පිරිසිදු බුදුදහම ලෙස පැවත එන්නේ ථෙරවාදී බුදුදහම යි. මිහිඳු මාහිමියන් ලක්දිවට ගෙන එනු ලැබුවේ ථේරවාදයයි. ඔවුන් තුන්තරා බෝධියෙන් එක්  බෝධියකින් නිවන ලැබීමට අපේක්ෂා කරයි. මහායාන බෞද්ධයෝ බුද්ධත්වය ලබා ගැනීමෙන් පමණක් නිවන් ලබාගැනීමට අපේක්ෂා කරති. එය මහායානය නමින් හැඳින්වේ.

       2. මහායාන බුදු බුදුදහම පවතින රටවල් කිහිපයක් නම් කරන්න.
  •      තිබ්බතය,  චීනය, ජපානය, කොරියාව ආදී උතුරුදිග ආසියා රටවල්.
    3. ථේරවාදී බුදු දහම ප්‍රචලිත රටවල් මොනවාද? 
  • ශ්‍රී ලංකාව, මියන්මාර්, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, නේපාලය, බංගලාදේශය.

    4. මියන්මාරය හෙවත් බුරුමය තුළ බෞද්ධාගම දියුණු කළ රජතුමා කවුද ?
  • අනාරථ හෙවත් අනුරුද්ධ(ක්‍රි.ව. 1 044 - 1074) ඔහුගේ පුත් කෙයං ස්ත්ථ(1084-1113)

    5. බුරුම රටෙන් ලද දැනට ලංකාවේ පවතින නිකායන් මොනවාද?  
  • අමරපුර නිකාය , රාමඤ්ඤ නිකාය

    6. ජනප්‍රවාද අනුව තායිලන්තයට බුදු බුදුසමය පැමිණ ඇත්තේ කිනම් වර්ෂයේද?
  •  ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස

    7.කුමන තෙරුන් වහන්සේලා ගෙන් ද?
  •  සෝණ හා උත්තර

     8. ලංකාවෙන් බුදු පිළිම වහන්සේ නමක් ලබා ගත් තායිලන්ත රජතුමා කවුද? එම බුදු පිළිම වහන්සේ කුමන නමකින්  හැඳින්වූයේ ද?
  • රෝච රජුතුමා, සීහල පටිමා

     9. පුරුෂයන් අනිවාර්යයෙන්ම කෙටි දිනක් හෝ පැවිදි විය යුතු රටවල් මොනවාද ?
  • මියන්මාරය හෙවත් බුරුමය තායිලන්තය හෙවත් සියම

     10. කාම්බෝජයට බුදුදහම ලැබුණේ කිනම් වර්ෂයේද? 
  • දොලොස්වන සියවසේදී
 
    11. ඉන්දියාවේ බුදුදහම පැතිර ගියේ කිනම් වර්ෂයේද?
  • ක්‍රිස්තු පූර්ව  තුන්වන සියවසේ දී

    12. කුමන රජුවරුන් සමයේ ද?
  •  කණිෂ්ක ‍( ක්‍රි.ව. 1)  , හර්ෂ ‍( ක්‍රි.ව. 6)

    13.  ඉන්දියාවේ පාලනය මුස්ලිම්වරුන් අතට පත්ව බුද්ධාගම විනාශ වූයේ කිනම් වර්ෂයේ ද?

  • 12 වන සියවසේදී

    14. මැදභාගයේ ඉන්දියාවේ බුදු දහම නගා සිටු වීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ උත්තමයන් කවුද?

  • 19 වන සියවසේ දී අනගාරික ධර්මපාලතුමා, 

        
    15. ඉන්දියාවේ බුදුදහම බේරා ගැනීම සඳහා අනගාරික ධර්මපාලතුමන් මහා බෝධි සමාගම ආරම්භ කරන ලද්දේ කිනම් වර්ෂයේද?

  • 1891

    16. 2500 සම්බුද්ධ ජයන්තිය සැමරු 1956 වර්ෂයේ දී ඉන්දියාවේ සිදුවූ වැදගත් සිදුවීම කුමක්ද?

  • හින්දු කුලවාදය නිසා සමාජ අසාධාරණයට ලක්වූ ඉන්දියානු හරිජන කුලහීනයන් පන් ලක්ෂයක් බුදු සමය වැළඳ ගැනීම.


 -  ප්‍රදීප් එස්. ප්‍රනාන්දු ගුරු මහතා.

Comments